කොත්මලේ ගාමිණි දිසානායක ජාතික පාසලේ බඹර ප්‍රහාරයක්- දරුවන් 07ක් සහ මව්වරුන් දෙදෙනෙක් රෝහලේ

Report

කොත්මලේ ගාමිණි දිසානායක ජාතික පාසලේ අද (19) පැවති ඩෙංගු මර්ධන ශ්‍රමදාන වැඩසටහනක් අතරතුර බඹර ප්‍රහාරයක් සිදුවීමෙන් පාසල් දරුවන් 07 දෙනෙකු සහ මව්වරුන් 02 දෙනෙකු කොත්මලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික ලලිත් මහතා සඳහන් කළේ, පාසල් භූමියේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ශ්‍රමදාන කටයුතු අතරතුර ඇවිස්සී මෙම ප්‍රහාරය සිදුව ඇති බවයි.

තුවාල ලැබූ සියලු දෙනා 1990 සුවසැරිය ගිලන් රථ සේවය මගින් කඩිනමින් රෝහලට රැගෙන ගොස් තිබේ.

සිද්ධිය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන්, ගුරුවරුන් සහ මව්පියන් එක්ව පාසල් භූමිය තුළ ගිනි දමා දුම් ගසා බඹරුන් ඉවත් කිරීමේ ක්‍රියාමාර්ගයක්ද ගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

පොල් ගෙඩියට අවම මිලක් එයි- ඇමැති සමන්ත විද්‍යාරත්නගෙන් කඩිනම් පියවරක්

පොල් ගෙඩියට අවම මිලක් එයි- ඇමැති සමන්ත විද්‍යාරත්නගෙන් කඩිනම් පියවරක්