සෞඛ්‍ය ක්ෂේත්‍රයම තැති ගැන්වූ මාරාන්තික වෛරසයේ නවතම වාර්තාව - මරණ ගණන වැඩි වීමත් සමඟ හෙට රට පුරා පාසල්වල කරන්න යන දේ

Report

ඩෙංගු වෛරසය වසංගතයක් බවට පත්වෙමින් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක පවසා සිටියේ ඉකුත් වසරටම වාර්තා වූ ඩෙංගු රෝගීන් හා මරණ ප්‍රමාණය මේ වනවිට වාර්තා වී තිබෙන බවයි. ඒ අනුව වසරේ මෙතෙක් සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 27ක් බව වාර්තා වේ.

එමෙන්ම ගෙවුණු සති කිහිපය පුරා රෝගයේ ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කළ අතර ඊයේ(16) වනවිට දිවයිනෙන්ම වාර්තා වී තිබූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 42, 807ක් විය.

ඉන් 51% ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වූ අතර එම සංඛ්‍යාව 22,002ක් ලෙස සටහන් විය. මේ අතර අද ක්‍රියාත්මක වන්නේ ඩෙංගු සතියේ තුන්වන දිනයයි.

ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය දණගස්වන්න යන ඩෙංගු රැල්ල - ඇමති නලින්ද ජයතිස්ස කියන ඇත්ත මෙන්න

ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය දණගස්වන්න යන ඩෙංගු රැල්ල - ඇමති නලින්ද ජයතිස්ස කියන ඇත්ත මෙන්න

ඒ අනුව අදත් නාගරික ප්‍රදේශ, අවහිර වූ කාණු පද්ධති, වෙළෙඳ සංකීර්ණ, ආගමික ස්ථාන සහ බස් නැවතුම්පොළ ඇතුළු පොදු ස්ථාන පිරිසිදු කිරීම සිදු සහ පරීක්ෂා කිරීමේ කටයුතු සිදු වේ.

එසේම එළඹෙන 20 වැනි දින තෙක් මුළු දිවයිනම ආවරණය වන ආකාරයට මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක අතර හෙට දිනයේ පාසැල්, පෙර පාසැල් සහ පෞද්ගලික උපකාරක පන්ති ඇතුළු සියලු‍ම අධ්‍යාපන ආයතන පරිශ්‍ර පිරිසිදු කිරීමට නියමිතව ඇත.

එමෙන්ම ලබන 19 වැනි දින පිරිසිදු කිරීමට නියමිතව ඇත්තේ සියලු‍ම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම කර්මාන්තශාලා පරිශ්‍ර වන අතර ජුනි 20 වැනි දින පෞද්ගලික නිවාස සහ නිවාස අවට පරිශ්‍ර පිරිසිදු කිරීමට වෙන් කර ඇත.

ලංකාවට රතු එළියක් - ඉක්මන් නොකළොත් ලෝක අමාරුවක වැටෙන බවට අනතුරු ඇඟවීමක්

ලංකාවට රතු එළියක් - ඉක්මන් නොකළොත් ලෝක අමාරුවක වැටෙන බවට අනතුරු ඇඟවීමක්

EPF සහ ETF වලට කරන්න යන අලුත්ම දේ මෙන්න

EPF සහ ETF වලට කරන්න යන අලුත්ම දේ මෙන්න