සුබ ආරංචියක් - මේ අයට රජයේ ස්ථීර පත්වීම්
දිවයින පුරා පවතින උප තැපැල් කාර්යාලවල සේවා කටයුතු වඩාත් විධිමත් කිරීම සහ එහි මානව සම්පත උපරිමයෙන් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් දැනට දීර්ඝ කාලයක සිට වැඩබලන පදනම මත සේවය කළ උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192 දෙදෙනෙකු සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථීර රාජ්‍ය පත්වීම් පිරිනැමීමට වත්මන් රජය සුවිශේෂී තීරණයක් ගෙන තිබේ.
පසුගිය 2019 වසරේ පමණ සිට විවිධ දුෂ්කරතා මධ්‍යයේ වැඩ බලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් වශයෙන් අඛණ්ඩව කටයුතු කළ මෙම නිලධාරීන් පිරිස රාජ්‍ය සේවයේ ස්ථීර කිරීම සඳහා වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත විශේෂ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබුණි.
ශානිවයි රවීවයි මේ තනතුරුවලට දාන්න කාදිනල් හිමි කවදාවත් කිව්වේ නෑ.. අත්අඩංගුවට ගන්න එපා.. කතෝලික සභාවෙන් ඉල්ලීමක්
ඒ අනුව 2020 වසරේ ඔක්තෝම්බර් 15 දිනට පෙර සිටම මෙලෙස වැඩ බැලීම සඳහා විධිමත්ව යොදවා සිටි සමස්ත නිලධාරීන් 196 දෙනෙකු අතුරින් නියමිත රාජ්‍ය සේවා සුදුසුකම් නිසි පරිදි සපුරන ලද වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192 දෙදෙනෙකු සඳහා මෙලෙස විශ්‍රාම වැටුප් සහිත ස්ථීර රාජ්‍ය තනතුරු පිරිනැමීම සිදු කෙරේ.
පවතින සම්ප්‍රදායික රීතීන්ට අනුව අදාළ උප තැපැල් කාර්යාලය පවත්වාගෙන යාම සඳහා වන සුදුසු ගොඩනැගිල්ලක් උප තැපැල් ස්ථානාධිපතිවරුන් විසින්ම පෞද්ගලිකව සොයා ගත යුතු අතර එම උප තැපැල් කාර්යාල ගොඩනැගිලි කුලිය සහ නඩත්තුව වෙනුවෙන් මීට පෙර රජයෙන් මාසිකව ගෙවනු ලැබූ රුපියල් 1500 ක ඉතා සුළු දීමනාව, පසුගිය 2025 වසරේ අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 7500 ක් දක්වා විශාල ලෙස ඉහළ නැංවීමට ද රජය මඟින් පියවර ගෙන තිබේ.