ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය දණගස්වන්න යන ඩෙංගු රැල්ල - ඇමති නලින්ද ජයතිස්ස කියන ඇත්ත මෙන්න

Report

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියට වැඩි පීඩනයක් එල්ල විය හැකි බව සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, විශේෂයෙන් කොළඹ ඇතුළු ප්‍රදේශවල රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී යමින් පවතින බවයි.

රෝගීන් සංඛ්‍යාව තවදුරටත් වැඩි වුවහොත් රෝහල් පද්ධතියට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවද ඔහු සඳහන් කළේය. මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම ඩෙංගු පාලනය සඳහා වඩාත්ම ඵලදායී ක්‍රමය බව අවධාරණය කළ අමාත්‍යවරයා, නිවාස, පාසල්, සේවා ස්ථාන සහ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

උසස් පෙළ ලියූ සිසුන්ට නිවේදනයක් - විශ්වවිද්‍යාලයට අදාළ කඩඉම් ලකුණු නිකුත් කරන දිනය මෙන්න - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

උසස් පෙළ ලියූ සිසුන්ට නිවේදනයක් - විශ්වවිද්‍යාලයට අදාළ කඩඉම් ලකුණු නිකුත් කරන දිනය මෙන්න - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

ඩෙංගු පරීක්ෂාවලදී පාසල්, ආගමික ස්ථාන සහ කාර්මික ස්ථාන රැසක මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඇති අතර, බස්නාහිර, දකුණු, මධ්‍යම ඇතුළු දිස්ත්‍රික්ක 14ක තත්ත්වය වැඩි අවදානම් මට්ටමක පවතින බවද අනාවරණය වී ඇත.

සෞඛ්‍ය අංශ පාලන කටයුතු වේගවත් කර ඇති අතර, ඩෙංගු මර්දනය සාර්ථක කර ගැනීම සඳහා මහජන සහයෝගය අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා නැවතත් අවධාරණය කළේය.