ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට.
වසරේ ගත වූ මාස කිහිපය තුළ ඩෙංගු මරණ 32ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරනවා.
එම ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ ජනවාරි පළමු වැනිදා සිට නොවැම්බර් පළමු වැනිදා දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 68,497ක් වාර්තා වී ඇති බවයි.
බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 32,862ක් වනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරන්නේ මධ්‍යම පළාතෙන් ඩෙංගු රෝගීන් 7,878 දෙනෙක් ද වයඹ පළාතෙන් 5,671ක් ද වාර්තා වී ඇති බවයි.
එසේම සබරගමු පළාතෙන් රෝගීන් 5,651ක් ද වාර්තා වී තිබෙන බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.