ඩෙල්ටා ප්‍රභේදය ගැන මෙරටින් සුභ ආරංචියක්

Corona virus Sri lanka covid 19
By Sithumi Jul 17, 2021 03:24 PM GMT
Sithumi

Sithumi

Report

මෙරට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්තවීම තවදුරටත් පාලනය කිරීමට හැකි මට්ටමක පවතින බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනතාව නව සාමාන්‍යකරණය කොයිතරම් දුරට අනුගමනය කරන්නේ ද යන්න මත ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය රඳාපවතින බවය. 

"වැඩි සාම්පල ප්‍රමාණයක තාමත් අපි දකින්නේ UK ප්‍රභේදය. අඩු සාම්පල ප්‍රමාණයක ඉඳලා හිටලා තමයි දකින්නේ ඩෙල්ටා ප්‍රභේදය. ඒ කියන්නේ අපි තාම ඩෙල්ටා ප්‍රභේදය පාලනය කරගන්න පුළුවන් තැනක ඉන්නවා. අවශ්‍ය වන්නේ අනාගතයේ අපි කොහෙන් සාම්පලයක් ගත්තත් ඩෙල්ටා ප්‍රභේදය බවට පත්වෙන එක නවත්ත ගන්න පුළුවන් ද කියන එක තමයි. ඒක සාර්ථක වෙන්නේ අපි නව සාමාන්‍යකරණය කොයිතරම් දුරට අනුගමනය කරනවාද කියන එක මතයි