ඩෙල්ටා රට පුරා ව්‍යාප්ත වී ඉතා දරුණු තත්වයක් ඇති වේවි - වෛද්‍ය හේමන්ත

sri lanka hemantha herath Delta helth offisers
By Sithumi Jul 04, 2021 11:35 AM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ අනුපොකුරු රටපුරා බිහි වීමේ අවධානමක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

එනිසා ජනතාව සෞඛ්‍ය මාර්ගඋපදේශ පිලිනොපැද්දොත් මෙම වෛරස ප‍්‍රභේදය ඉක්මනින්ම පැතිරී යනු ඇති බව ද ඔහු අනතුරු ඇඟවීය. මේ අතර රාගම රෝහලේ විශේෂඥ වෛද්‍ය අර්ජුනද ද සිල්වා මහතා සඳහන් කරන්නේ ඩෙල්ටා ප්‍රභේදය පාලනය කිරීමට නොහැකි වූවත් සති දහයක් ඇතුළත ඉතා දරුණු තත්ත්වයක් රට තුළ ඇති විය හැකි බවයි.

මීට ඇති එකම විසඳුම වන්නේ හැකිතාක් එන්නත් කරනය බවද පැවසූ ඔහු එතෙක් ජනතාව හැකිතාක් නිවෙස් වලට වී සිටින ලෙස සිටිය යුතු බවද පැවසීය.

පසුගිය සිංහල අවුරුදු සමයේ රට ලොක්ඩවුන් කලා නම් අද පවතින තත්ත්වයට මුහුණපෑමට සිදු නොවන බවද කී ඔහු අනෙක් අතට ජනතාව තමන්ගේ ආරක්ෂාව ගැන නොසිතන්නේ නම් රජය කොතරම් රට වසා දැම්මත් වැඩක් නැතැයි ද කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now