කොළඹ තැන් 5කින් ඩෙල්ටා ආසාදිතයන්.

Colombo Delta
By Aruna Jul 08, 2021 02:22 AM GMT
Aruna

Aruna

Report

‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ කොළඹ 02, 05, 09, 10, 14 යන ප්‍රදේශවලින් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

කොවිඩ් රෝගීන්ගෙන් ලබා ගත් ප්‍රතිදේහ පරීක්ෂණවලදි මෙරට පුද්ගලයන් 14 දෙනකුට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනය සිදු කරන ලද පරීක්ෂණවලින් පසුගියදා හඳුනා ගැනුණි.

මෙහි වාර්තාව සම්බන්ධව වසංගත රෝග විද්‍යා අංශය අධ්‍යනය කරන බවත් මෙතෙක් කොළඹින් වාර්තා වූ ඩෙල්ටා ආසාදිතයන්ගේ සංඛ්‍යාව කොපමණද යන්න ප්‍රකාශ කිරීම අපහසු බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙරටින් මුල් වරට දෙමටගොඩ 66 වත්ත ප්‍රදේශයෙන් පසුගිය ජුනි 17 වැනිදා ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් පස් දෙනකු වාර්තා වුණි.

ඉන්පසු මෙරටින් ඩෙල්ටා ආසාදිතයින් 14 දෙනකු ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ මෙරට පුද්ගලයන්ට ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත දැයි සෙවීමට අහඹු පරීක්ෂණයක් සිදු කරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now