දෙසැම්බර් 23 හා 24 ජනතාවට ලැබෙන සුවිශේෂී අවස්ථාව - මෙම අවස්ථාව ලැබෙන පිරිස මෙන්න....

By Sewvandhi Dec 18, 2022 03:02 PM GMT
Report

පාසල් දරුවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට දෙසැම්බර් මාසයේ දින දෙකක් ලබා දී ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

දෙසැම්බර් 23 සහ 24 යන දෙදින මෙම විශේෂ අවස්ථාව ලබා දි ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

23 වන දින පාසල් දරුවන්ට සත්වෝද්‍යානය නොමිලේ නැරඹීට අවස්ථාව ලබා දී ඇති අතර එදිනට "පාසල් දරුවෝ පරිසර නියමුවෝ" යන තේමාව යටතේ එම දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් ද සංවිධානය කර තිබේ.

ලබන 24 වන දින වයස අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සත්වෝද්‍යානය නොමිලේ නැරඹීම සඳහා අවස්ථාව ලබා දි ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම නත්තල් දිනය යෙදී ඇති ලබන 25 වනදා සත්වෝද්‍යානය තුළ විශේෂ වැඩසටහන් සංවිධානය කර ඇති බවද සඳහන්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now