දෙහිවල සත්වෝද්‍යානයේ පුංචි හිපපොටේමස් පැටවාට නමක් තබන්න අවස්ථාවක්

Report

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අලුත උපන් නයිල් හිපපොටේමස් පැටවා සඳහා නමක් යෝජනා කිරීමට දරුවන්ට අවස්ථාව ලබාදී තිබේ. සත්වෝද්‍යානය සඳහන් කර ඇත්තේ ඒ සඳහා සකස් කළ නිල මාර්ගගත පෝරමයක් ඔස්සේ නම් යෝජනා ඉදිරිපත් කළ හැකි බවයි.

මෙම වැඩසටහන හරහා මහජන සහභාගීත්වය ඉහළ නැංවීම සහ සත්වෝද්‍යානය හා සත්ව ලෝලීන් අතර ඇති සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම අපේක්ෂා කරන බව සංවිධායකයින් පවසයි.

කෙසේ වෙතත්, නම් කිරීමේ වැඩසටහනට සහභාගී විය හැක්කේ වයස අවුරුදු 12ට අඩු දරුවන්ට පමණි.

ඒ අනුව, සුදුසු නමක් යෝජනා කිරීමට කැමති දරුවන්ට අවශ්‍ය තොරතුරු ඇතුළත් කර නිල මාර්ගගත පෝරමය හරහා සිය යෝජනා ඉදිරිපත් කළ හැකිය.

නම් යෝජනා කිරීම සඳහා නිල පෝරමය: https://forms.gle/TE1LVndMqtBMva1fA

පැය 24කට කොළඹ ප්‍රදේශ රැසක ජලය කැපෙයි- බලපෑම් එල්ලවන ප්‍රදේශ මෙන්න

පැය 24කට කොළඹ ප්‍රදේශ රැසක ජලය කැපෙයි- බලපෑම් එල්ලවන ප්‍රදේශ මෙන්න