හිස් වුණු වැලිගම සභාපති පුටුව ගැන තීරණයක්
පසුගියදා වැලිගම ප්‍රාදේශීය සභාපති ලස්සන්ත වික්‍රමසේකර මහතා වෙඩික්කරුවෙකුගේ වැඩි ප්‍රහාරයකින් ජීවිතෙන් සමුගත්තේය.
ඒ අනුව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ මරණයෙන් පසු හිස් වූ සභික ධුරය සඳහා එම කොට්ඨාසයේම අයෙකු පත් කිරීමට නියමිත බව සමගි ජන බලවේගයේ (සජබ) මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.
මහ ලේකම්වරයා පැවසූයේ, සභාපති ධුරය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත්, විපක්ෂ කණ්ඩායම් එකමුතුවෙන් සුදුසු අයෙකු පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය. මෙම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ද පැවසුවේ මරණයට පත් වූ සභාපතිවරයාගේ මරණ සහතිකය සහ අදාළ ලේඛන ලබාදීමෙන් පසු, මැතිවරණ කොමිෂන් සභාව පක්ෂයේ ලේකම්ට එම පුරප්පාඩුව පිරවීම සඳහා දැනුම් දෙන බවයි.
අදාළ පක්ෂ ලේකම් විසින් නව නාමය සම්පූර්ණ කළ පසු, මැතිවරණ කොමිෂන් සභාව එම නම ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ඇතැයි රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සමගි ජන බලවේගය පාලනය කරන වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඔක්තෝබර් 22 වැනිදා පෙරවරුවේ වෙඩි තැබීමක් හේතුවෙන් ඝාතනය වූ බව සිදුවූ අවස්ථාවේදී පොලිසිය තහවුරු කර තිබුණි.