බහින්බස් වීමක් දුර දිග යයි - තම දරුවා ඉදිරියේම මවකට අත් වූ අධිසංවේදී ඉරණම..
By krishani
තම දරුවා රැගෙන පාසලට ගොස් නැවත නිවසට යමින් සිටි මවක් අමානුෂික ලෙස ගෙළ කපා ඝාතනය කළ අවාසනාවන්ත පුවතක් පොල්පිතිගම - තල්පත්වැව ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති අතර දරුවා සමඟ බිරිඳ එන මග හරස්කර ඇති සැකකරු එහිදී මෙම අමානුෂික ප්‍රහාරය එල්ළකර ඇති බව පොලිසිය පවසයි.
එහිදී බරපතළ තුවාල ලැබූ කාන්තාව රෝහල්ගතකරන විටත් ජීවිතක්ෂයට පත්ව ඇත.
දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |