ලස්සන උපන් දින තෑග්ගක් ඇතුලෙන් ආ මරණය - මෙහෙම දෙයක් නම් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති..

Ukraine Death
By krishani Nov 07, 2023 05:06 PM GMT
krishani

krishani

Report

උපන්දින තෑග්ගක් ලෙස ලබා දුන් අත්බෝම්බයක් පුපුරා යාමෙන් යුක්‍රේනයේ පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. 

යුක්‍රේන සන්නද්ධ හමුදා ප්‍රධානී Valery Zaluzhny ගේ සමීපතමයෙකු මෙලෙස මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වන්නේ.

39 හැවිරිදි Maj Hennadiy Chastyakov නම් මොහු සිය සගයන්ගෙන් තෑගි රැගෙන තිබෙනවා.

පසුව ඒවා රැගෙන සිය මහල් නිවාසයට පැමිණ තම පුතා සමග ඒවා විවෘත කර ඇත.

ඒ මොහොතේ දී අත්බෝම්බය පුපුරා ගොස් ඇති අතර ඔහුගේ 13 හැවිරිදි පුතා බරපතල තුවාල ලබා ඇත.

කියෙව්හි බටහිර තදාසන්න ප්‍රදේශයේ චයිකි හි පිහිටි පවුලේ මහල් නිවාසයේ නොසැලකිලිමත් ලෙස අත්බෝම්බය පරිහරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය සිදුව ඇති බව එරට පොලිසිය සඳහන් කළේ ය.

ReeCha