දයාසිරි ජයසේකර පොහොට්ටුවට පනිනවද?

Report

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ, තමන් කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමක් සිදු නොකරන බවයි.

‘දිනමිණ’ පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා සඳහන් කළේ, සමගි ජන බලවේගය තුළ ඉහළම තනතුරක් ලබාදෙන බවට පතිත වන ප්‍රචාරණයන් ඇතිවී ඇත්තේ එම පක්ෂය තුළ අභ්‍යන්තර ගැටුම් මතුවෙන්නට යැයි යන්නයි.

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

පහතින් දැක්වෙන්නේ මෙම කරුණු සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා පළ කළ අදහස් වේ.

පසු­ගිය දව­සක පොදු­ජන පෙර­මුණේ මහ­ලේ­කම් සාගර කාරි­ය­ව­සම් මහතා පොදු­ජන පෙර­මුණ සමඟ එක­තු­වෙලා දේශ­පා­ල­නය කරමු කියලා ආරා­ධ­නා­වක් කළා. ඔබේ පැරණි දේශ­පා­ලන මිතු­රන් රැසක් සිටින පොහො­ට්ටු­වට යළිත් එකතු වීමට ඔබ කැමැ­තිද?

"මට පොහො­ට්ටු­වට එන්න කියලා ආරා­ධනා ලැබුණේ 2018 සිටයි. ඒත්, මම එදා ඒ ඉල්ලීම තරයේ ප්‍රති­ක්ෂේප කළා. අදත් මගේ ඒ තීර­ණයේ කිසිදු වෙන­සක් නැහැ. කවු­රුන් හරි හිත­නවා නම් මම පොහො­ට්ටු­වට එකතු වෙයි කියලා, ඒක මගේ ප්‍රශ්න­යක් නොවෙයි ඒ හිතන පුද්ග­ල­යාගේ දේශ­පා­ලන විඥා­නය පිළි­බ­ඳව ගැට­ලු­වක් විදි­හ­ටයි මට හිතෙන්නේ. පොහො­ට්ටුව කියන දේශ­පා­ලන ව්‍යාපා­රය පසු­ගිය කාලය තුළ රටට විශාල හානි­යක් කළා, ඒ නිසයි ජන­තාව ඔවුන්ව බල­යෙන් නෙරපා දැමුවේ. එවැනි විනා­ශ­යක් කළ පිරි­සක් සමඟ එකතු වෙන්න මට කිසිම අව­ශ්‍ය­තා­ව­යක් නැහැ…..”

5 වසර ප්‍රශ්ණ පත්තරේ කුණුහරප - දැඩි ආන්දෝලනයක්

5 වසර ප්‍රශ්ණ පත්තරේ කුණුහරප - දැඩි ආන්දෝලනයක්

මේ දව­ස්වල ඔබ ප්‍රධාන මාතෘ­කා­වක් වෙලා තිබෙ­නවා. සමගි ජන බල­වේ­ගයේ ඔබට ඉහ­ළම තන­තු­රක් ලැබෙන බවට කතා­වක් තියෙ­නවා. මෙහි ඇත්ත නැත්ත මොකක්ද ?

"විවිධ ආකා­රයේ ආරංචි පැති­රෙ­නවා. ඒත්, පැති­රෙන හැම ආරං­චි­යක්ම ඇත්තක් නැහැ. සමගි ජන බල­වේ­ගයේ තන­තු­රක් ගන්න මම සමගි ජන බල­වේ­ගයේ සාමා­ජි­ක­යෙක් නොවෙයි. මම සමගි ජන සන්ධා­නය සමඟ කට­යුතු කරන මන්ත්‍රී­ව­ර­යකු පම­ණයි. සමගි ජන සන්ධා­නය විදි­හට මා විපක්ෂ නාය­ක­තුමා සමඟ අද­හස් හුව­මාරු කර ගනු ලබ­නවා. මේ සියලු අද­හස් හුව­මාරු කර ගැනී­ම්වල මූලික පර­මා­ර්ථය වෙලා තිබෙන්නේ ශක්ති­මත් විප­ක්ෂ­යක් විදි­හට ජන­තාව වෙත යාම­ටයි. තන­තුරු ගැන සාකච්ඡා වෙලා නැහැ. ඒත් සම­හර පිරිස් මේ ගැන දිගින් දිග­ටම ප්‍රචා­රය කරන්නේ සජබ තුළ නැති අවු­ලක් මතු­කර ගැනීමේ දේශ­පා­ලන උප­ක්‍ර­ම­යක් විදි­හ­ටයි.”