පරාජයට හේතුව දසුන් කියයි..
By krishani
ඉන්දියාවට එරෙහිව ඊයේ (03) පැවති පළමු විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකාවට පහසුවෙන් ජය ගැනීමට තිබූ බව නායක දසුන් ශානක ප්‍රකාශ කළේ ය.
එම තරගය ඉන්දියාව, ලකුණු 2 කින් ජය ගත් අතර අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා නායක කියා සිටියේ පන්දු යවන්නන් සිය වගකීම නිසි ලෙස ඉටු කළත්, පිතිකරුවන්ගේ වගකීම් විරහිත ක්‍රීඩා විලාශය හේතුවෙන් තරගය පරාජයට පත්වූ බවය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන පන්දුවාර විස්ස තරගය හෙට දින පූනේ හි දී මෙරට වේලාවෙන් රාත්‍රී 7 ට ආරම්භ වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |