විශේෂ විභාගයක් දින නියමයක් නොමැතිව කල් දමයි

Report

පරිදි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් 6 - 10 ශ්‍රේණි විභාගය දින නියමයක් නොමැතිව කල්දමා ඇත. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා පරිදි මෙම විභාගය එළැඹෙන 14වනදා පැවැත්වීමට සූදානම්ව තිබුණි.

නිවේදනයක් නිකුත්කරමින් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසා සිටියේ, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙලෙස කල් දැමීමට සිදුව ඇති බවයි.

උදව් කරන්න ආපු කොල්ලෝ ටිකට අම්බානක ගහලා - බෝට්ටුවත් හොරකම් කරන්න හදලා

උදව් කරන්න ආපු කොල්ලෝ ටිකට අම්බානක ගහලා - බෝට්ටුවත් හොරකම් කරන්න හදලා

දිවයිනේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල 329ක ලේඛකාධිකාරී ස්වාමින් වහන්සේලාගේ මූලිකත්වයෙන් විභාග මධ්‍යස්ථාන 3,389දී දහම් පාසල් දරු දැරියන් 6,90563ක් වෙනුවෙන් මෙම 6 -10 ශ්‍රේණි විභාගය පැවැත්වීමට සූදානම් කර ඇත.

ඒ අනුව විභාගය පවත්වන දිනය පසුව දැනුම්දෙන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.  

බස් වල ගමන් කරන්නන්ට සතුටු පණිවිඩයක්

බස් වල ගමන් කරන්නන්ට සතුටු පණිවිඩයක්

දරුවෝ දෙන්නත් එක්ක වතුරට පැනලා අම්මා බේරිලා දරුවෝ නෑ

දරුවෝ දෙන්නත් එක්ක වතුරට පැනලා අම්මා බේරිලා දරුවෝ නෑ

වතුර නැද්ද බයවෙන්න එපා

වතුර නැද්ද බයවෙන්න එපා