බෙංගාල බොක්කේ 'මොන්තා'' හෙට ඉන්දියාවට - කාලගුණෙන් අනතුරු ඇඟවීමක්

Report

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය "මොන්තා" සුළිකුණාටුව බවට හඳුනාගෙන ඇති බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙය වෙරළට ළඟා වන විට දරුණු සුළිකුණාටුවක් බවට වර්ධනය වී, පැයට කිලෝමීටර් 90-110ක තද සුළං ඇති කළ හැකි බවට අනතුරු ඇඟවේ.

හෙට (28) නැගෙනහිර වෙරළට ඇතුළු වීමට නියමිත මෙම සුළිකුණාටුව හේතුවෙන් ඔඩිෂා, බටහිර බෙංගාලය, තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශ්වල ඇතැම් ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ආන්ද්‍ර ප්‍රදේශයේ පාසල්වලට නිවාඩු ප්‍රකාශයට පත් කර ඇති අතර, විශාකාපට්නම්, අනකපල්ලේ සහ බටහිර ගෝදාවරි දිස්ත්‍රික්කවල පාසල්වලට දින දෙකක නිවාඩු ලබා දී තිබේ.

අද භයානක සුළි කුණාටුවක් - සියලු දෙනාටම විශේෂ අනතුරු ඇඟවීමක්

අද භයානක සුළි කුණාටුවක් - සියලු දෙනාටම විශේෂ අනතුරු ඇඟවීමක්

අද රන් මිල ගැන පිස්සු හැදෙන ආරංචියක් - අලුත්ම මිල ගණන් මෙන්න

අද රන් මිල ගැන පිස්සු හැදෙන ආරංචියක් - අලුත්ම මිල ගණන් මෙන්න