ඉතිහාසයේ අල්ලපු ලොකුම තොගය..බලන්නකෝ හිතාගන්නවත් බැරි ගාණක්..

Sri Lanka Police Investigation Sri Lanka Customs Drugs Latest Headlines
By Sewvandhi Sep 26, 2024 01:45 PM GMT
Sewvandhi

Sewvandhi

Report

නීති විරෝධිව බ්‍රිතාන්‍ය ජාතිකයෙකු විසින් මෙරටට රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ.

රේගු නිලධාරීන් පවසන්නේ, කිලෝ 43යි ග්‍රෑම් 600කට ආසන්න බරකින් යුත් මෙම මත්ද්‍රව්‍ය තොගය රේගු ඉතිහාසයේ විශාලතම කුෂ් මත්ද්‍රව්‍ය වැටලීම බවයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට වීසා නිකුත් කිරීමේ ක්‍රමය වෙනස් කෙරේ..!

අද මධ්‍යම රාත්‍රියේ සිට වීසා නිකුත් කිරීමේ ක්‍රමය වෙනස් කෙරේ..!

රේගුව සඳහන් කළේ, ඔහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක මෙම මත්ද්‍රව්‍ය තිබී ඇතැයිද එහි වටිනාකම රුපියල් කෝටි 44කට ආසන්න බවය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි අයෙකු වන අතර ඔහු බ්‍රිතාන්‍ය ආරක්ෂක සේවා නිලධාරියෙක් බවද වාර්තා වී තිබේ.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇත.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%