බොරතෙල් මිල අඩු වෙලා..ඒත් ලංකාවට නැද්ද?

Crude Oil Prices Today Price Sinhala news SriLanka News - Gagana
By Ashfa Jun 02, 2025 12:43 PM GMT
Ashfa

Ashfa

Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහත යාමත් සමඟ මෙරට තෙල් මිල අඩු නොවීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කණගාටු ප්‍රකාශ කරයි. කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහත වැටී ඇතත්, ඒ සම්බන්ධයෙන් මෙරට තෙල් මිල සංශෝධනයක් සිදු වී නොමැති බවයි.

"පෙර ආණ්ඩුකාලවලදී තෙල් මිල අඩු නොකිරීම පිළිබඳව එවකට පැවසූයේ, තෙල් මිලෙන් මුදල් කම්මැලිවලට, කොමිස්වලට, හෝ මහ බැංකුවට යන බවයි. නමුත් දැන් වංචා සහ දූෂණ නොමැති බව කියන ආණ්ඩුවක් යටතේ තෙල් මිල අඩු නොකිරීමේ හෙතුව වහාම පැහැදිලි කළ යුතුය. ලාභය යන්නේ කාගේ සාක්කුවටදැයි ජනතාවට දැනගැනීමේ අයිතියක් ඇත.

ලේඛන විකෘති කරලා වැඩ වරද්දගෙන

ලේඛන විකෘති කරලා වැඩ වරද්දගෙන

" මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පවතින ආණ්ඩුව පවසා ඇත්තේ විදුලි බිල්පත් අඩු කරන බව, තෙල් මිලින් මහ බැංකුවට යන මුදල් ඉවත් කරන බව සහ ආහාර, අධ්‍යාපන, සෞඛ්‍ය වැනි අංශවල බදු ඉවත් කරන බවත්ය. නමුත් මේවා කිසිවක්ම මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බවත්, වෙනුවට විදුලි බිල්පත් 18%කින් ඉහළ දමා ඇති බවත් ඔහු විශේෂයෙන් අවධාරණය කළේය. "ජනාධිපතිවරණයකදී දීපු පොරොන්දු තහවුරු කරමින් කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමක්. දැන් ජනාධිපතිතුමා පත්වී මාස 8ක් ගතවී ඇතත්, මෙරටට නව ආයෝජනයක් හෝ රැකියා අවස්ථාවක්ත් ඇති වී නැහැ.

එක් ඩොලරයක්වත් ආනයනය වී නැහැ." ඔහු පැවසුවේ, විදෙස් සංචාර ගණනාවක් සිදු වූද ඒවායේ ප්‍රතිඵලයක් දැකිය නොහැකි බවත්ය. එවැනි සංචාරවලදී රටට වාසි වන්නේ වෙනත් රටවල්ට පමණක් බවත්, උදාහරණයක් ලෙස ඉන්දියාවට තෙල් ටැංකි, චීනයට රිෆයිනරි වැනි ව්‍යවසායන් ලබාදීමත්, ආරක්ෂක ගිවිසුම් අත්සන් කිරීමත් පවා සිදුවූ බවත් ඔහු අවධාරණය කළේය.

"මේ ආණ්ඩුවේ ව්‍යාපෘති සැලසුම් කිරීමේ හැකියාව දුර්වලයි. ආයෝජන ලැබීමෙන් ඩොලර් ආදායම වැඩි කරමින්, රටේ ණය බර පහකළ යුතුය. ඒ වෙනුවට රුපියල් ආදායම පමණක් වැඩි කිරීම මඟින් සෘජුව ආර්ථිකය ගොඩ නැගිය නොහැක." අවසන් වශයෙන් මන්ත්‍රීවරයා අදහස් දැක්වූයේ, ආණ්ඩුව ජනතාවගේ අවශ්‍යතා නොසලකා, පළාත් පාලන මැතිවරණයේදී ලැබූ ප්‍රතිඵලය පිළිබඳව වෛරී ආකල්පයකින් පසුබැසීමක් සිදු කරමින් සිටින බවත්, එය දිගින් දිගටම පවත්වාගියහොත් ජන අප්‍රියතාවයට පත්වීම නියත බවත්ය.  

කොළඹ මහ නගර සභාවේ බලය විපක්ෂයට..?

කොළඹ මහ නගර සභාවේ බලය විපක්ෂයට..?

ReeCha