හෝමුස් අර්බුදය හමුවේ ලෝක තෙල් මිල යළිත් අහස උසට

Report

අමෙරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුමක් ඇතිවීමේ බලාපොරොත්තු සුන්වීම සහ මැදපෙරදිග නැව්වලට ප්‍රහාර එල්ල වීම නිසා ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල නැවතත් ඉහළ ගොස් ඇත.

  ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 89.63 දක්වාත්, ඇමෙරිකානු WTI බොරතෙල් මිල ඩොලර් 83.91 දක්වාත් ඉහළ ගොස්   තිබේ

අමෙරිකාව තමන්ගේ කොන්දේසි පිළිගන්නා තෙක් හොර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා තබන බව ඉරානය සදහන් කර ඇත

යුද්ධයට පෙර දිනකට නැව් 125-140 අතර ප්‍රමාණයක් ගමන් කළ මෙම මාර්ගයේ දැන් ගමන් කරන්නේ නැව් 6ක් වැනි ඉතා අඩු සංඛ්‍යාවකි.

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් ඉහළට- ප්‍රධාන බැංකුවල අලුත්ම මිල ගණන්

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් ඉහළට- ප්‍රධාන බැංකුවල අලුත්ම මිල ගණන්

අමෙරිකානු පෙට්‍රෝලියම් ආයතනයේ (API) දත්තවලට අනුව අමෙරිකාවේ බොරතෙල් තොග බැරල් මිලියන 9.1කින් ඉහළ ගොස් තිබේ .

මැදපෙරදිග තෙල් සැපයුමට එල්ල වී ඇති මෙම බාධාවන් 2027 වසර අග දක්වාම පැවතිය හැකි බවට අම‍ෙරිකානු බලශක්ති තොරතුරු පරිපාලනය (EIA) අනතුරු අඟවයි.