විදුලි බිඳ වැටීම්, ගංවතුර,නායයෑම් වලින් ජනතාවට දැඩි බලපෑම් (VIDEO)(PHOTOS)

FLOOD ELECTRICITY BREAK DOWN LAND SLIDE HEVY RAIN
By Sewvandhi Jul 10, 2021 07:58 AM GMT
Report

විදුලිය බිඳවැටීම හේතුවෙන් 475,000ක පමණ පිරිසකට බලපෑම් සිදුව ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසයි. මේ වන විට විදුලිය බිඳ වැටීම් 12,000ක් පමණ වාර්තා වන බවත් විදුලිය සැපයීම යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය පියවර මේ වන විටත් ගනිමින් සිටින බවත් විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

ගාල්ල, මාතර, කිරිබත්ගොඩ, මහනුවර, පේරාදෙණිය, කුලියාපිටිය, කුරුණැගල, කැලණිය, රත්මලාන සහ හලාවත යන ප්‍රදේශවල විදුලිය බිදවැටීම් වැඩි වශයෙන් වාර්තා වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. මේ අතර පැවැති අධික වර්ෂාව හා සුළං තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ආපදා තත්ත්වයක් හටගෙන තිබේ. ගස් කඩා වැටීමේ හේතුවෙන් ඇතැම් මාර්ගවල ගමනා ගමනයට ද බාධා එල්ල වී ඇති බව  වාර්තාකරුවන් පැවසුවේය.

කොළඹ - හලාවත මාර්ගයේ ගසක් කඩා වැටීම හේතුවෙන් එහි ගමනා ගමනය සම්පූර්ණයෙන් ඇනහිට ඇති බව සඳහන්ය. මේ අතර මහනුවර - ගම්පොළ ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් අතුරුදන්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.

විදුලි බිඳ වැටීම්, ගංවතුර,නායයෑම් වලින් ජනතාවට දැඩි බලපෑම් (VIDEO)(PHOTOS) | Critical Weather Condition In Sri Lanka

කඳුකර ප්‍රදේශයට ඇද හැළෙන ධාරානිපාත වර්ෂාවත් සමග නල්ලතන්නිය-මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ, නල්ලතන්නිය “ මෝහිනී ඇල්ල” ප්‍රදේශයේ විශාල පස් කන්දක් අද (10) අළුයම කඩා වැටී තිබෙනවා. මේ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවන කටයුතු සම්පූර්ණයෙන් ඇණ හිට ඇති බව නල්ලතන්නිය පොලීසිය පැවසුවා.

නල්ලතන්නිය, මොහිනී ඇල්ල ස්ථානයේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ප්‍රධාන මාර්ගය පුළුල් කිරිමේදී ඉහළින් පිහිටි පස්කඳු කපා ඉවත් කිරිමෙන් පසුව වර්ෂාධික අවස්ථාවලදී මෙම ස්ථානයේ නිරන්තර නාය යෑම්වලට ලක්වනවා. පස් කන්ද ඉවත් කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ නෝර්වූඩ් විධායක ඉංජිනේරු කාර්යාලය මගින් කඩිනම් පියවර ගන්නා බව එම කාර්යාලයේ නිලධාරියෙක් පැවසුවා.

විදුලි බිඳ වැටීම්, ගංවතුර,නායයෑම් වලින් ජනතාවට දැඩි බලපෑම් (VIDEO)(PHOTOS) | Critical Weather Condition In Sri Lanka

විදුලි බිඳ වැටීම්, ගංවතුර,නායයෑම් වලින් ජනතාවට දැඩි බලපෑම් (VIDEO)(PHOTOS) | Critical Weather Condition In Sri Lanka

විදුලි බිඳ වැටීම්, ගංවතුර,නායයෑම් වලින් ජනතාවට දැඩි බලපෑම් (VIDEO)(PHOTOS) | Critical Weather Condition In Sri Lanka

ඇතැම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් වාර්තා වන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේය. ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාවක් ලැබීම හේතුවෙන් ගංඟාවලි ජල මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ අපදා කළමණාකරණ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා පවසයි.

අධික වර්ෂාවත් සමඟ කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු තුනම විවෘත කර තිබෙනවා. ඒ සමඟම බුලත්සිංහල මෝල්කාව මාර්ගය මෙන්ම පහත් බිම් රැසක් ජලයෙන් යටවෙමින් පවතිනවා.

මේ අතර ගිං ගඟ පිටාර ගැලීමෙන් හිනිදුම ප්‍රදේශයේ පහත්බිම් ඇතුළු මාර්ග කිහිපයක් මේ වන විටත් ජලයෙන් යටවී අවසන්. උඩුගම – නෙළුව ප්‍රධාන මාර්ගයේ හිනිදුම මහාබෝධි වත්ත ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

මේ අතර, ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 03 ක් මේ වනවිට විවෘත කර තිබෙනවා. අප වාර්තාකරුවන් පවසන්නේ ලක්ෂපාන, කැනියොන් ජලාශ මේ වනවිට වාන්දමමින් පවතින බවයි. අදාල අවස්ථාවේ නිවෙස් පවුලේ සාමාජිකයන් 06 දෙනෙකු සිට ඇති අතර ගස කඩාවැටීමෙන් කිසිවෙකුටත් හානි සිදු වී නැහැ.

මේ අතර, මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රීයේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත්ස මග කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින දික්ඔය ඇළ පිටාර ගැලීමෙන් දික්ඔය ෆොඩයිස්ව තුයායේ වතු නිවාස 25 ක් ජලයෙන් යට වු බව නිවැසියන් පවසනවා. 

අධික වර්ෂාවත් සමග කළු ගගේ ජල මට්ටම ඉහළ යාමෙන් රත්නපුර සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම්කො ට්ඨාශ දෙකට ගංවතුරින් දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. අද උදෑසන 7 පමණ වනවිට රත්නපුර වුලුගුපිටිය ජල මාපාංකයේ ගංවතුර මට්ටම මීටර් 9 සීමාව දක්වා වර්ධනය වෙමින් තිබුන.

ඒ හේතුවෙන් රත්නපුර නගරය, සීවලී ක්‍රීඩාංගනය හා අවට ප්‍රදේශ ගංවතුරෙන් යටව තිබෙනවා. ඒ හේතුවෙන් රත්නපුර නගරයට අවට ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා. රත්නපුර ගොඩිගමුව, අංගම්මන,වෙරළුප,බටුගෙදර, මුද්දුව යන ග්‍රාමසේවක වසම්වල නිවාස රැසක්ද ජලයෙන් යටවීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව ඇත.

රත්නපුර කුඩුගල්වත්ත - පල්ලිය පාර ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් පල්ලිය පාරේ පවුල් 12 ක ජනතාව තාවකාලිකව මේ වනවිට රැදී සිටින්නේ ජුම්මා මුල්ලිම් පල්ලියේයි. ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හංගමුව, ඇලපාත, කරංගොඩ, ගිණිහිරිය,රද්දැල්ල ආදී ප්‍රදේශ රැසක ජනතාවත් ගංවතුරේ බලපෑමට ලක්ව තිබෙනවා.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට නිකුත් කර ඇති නායයාමේ අවදානම් නිවේදන තවදුරටත් වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා කියා සිටියේය.

කෙසේවෙතත් දිවයින බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට (11) දිනය වන විට ක්‍රමයෙන් පහව යන බව කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පවසයි.

සම්පුර්ණ විස්තරය පහතින්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now