පිරමීඩ ජාවාරමේ මුදල් ලබා දෙන විට සිදු වූ දේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime Death
By krishani Sep 10, 2023 05:18 PM GMT
krishani

krishani

Report

බිබිල - වෑගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහර දී ඔහුව ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ 35 හැවිරිදි මහියංගනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ය.

මෙම ඝාතනය සිදුව ඇත්තේ වෑගම ප්‍රදේශයේ පාළු නිවසක වන අතර  ඝාතනය සිදු කල පුද්ගලයා පොලිසිය විසින් හඳුනාගෙන ඇත.

ඔහු ව්‍යාපාරියෙකු වන අතර ඔහු ද බිබිල ප්‍රදේශයේ අයෙක් ය.

මේ අතර පොලිසිය දැනට සැක පළ කරන්නේ මෙම ඝාතනය පිරමීඩ ජාවාරමට අදාළව සිදුව ඇති බවයි.

පිරමීඩ ජාවාරමෙහි මුදල් ලබා දීමේ දී දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව වාර්තා වේ.

මේ අතර ඇඹිලිපිටිය මොරකැටිය ප්‍රදේශයේ නිවසක් සෝදිසියට ලක් කර තිබෙනවා 

එහිදී මාංචු යුගලක් ලග තාබාගෙන සිටි 24 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (10) උදෑසන ඇය පදිංචිව සිටි නිවස පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම පරීක්ෂා කිරීම සිදු කර ඇත්තේ  ඇයගේ නිවසේ මත්ද්‍රව්‍ය ඇති බවට ඇඹිලිපිටිය පොලිසියට ලද තොරතුරක් මතයි.

එහිදී ඇයගේ බෑගයේ තිබී මෙම මාංචු යුගල සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

ReeCha