ක්‍රිකට් ලෝලීන් කම්පාවට පත් කරමින් පත් කරමින් ප්‍රබල ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

By Sithumi Jul 18, 2022 01:50 PM GMT
Sithumi

Sithumi

Report

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සිටින සුපිරි තම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන බෙන් ස්ටොක් සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. 2019 එක් දින ලෝක කුසලානය එංගලන්තයට දිනා දීමට වැඩි දායකත්වයක් බෙන් ස්ටොක් ලබා දුන්නා.

තිස් එක් හැවිරිදි වියේ පසුවන මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා සිය සමුගැනීම ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබුණේ එක්දින ජාත්‍යන්තර තරග සඳහා දැන් තමන් නො ගැලපෙන බවයි. එංගලන්ත ක්‍රිකට් ජර්සිය පැළඳිය යුත්තේ එම තරග රටාවට සියයට සියයක්ම ගැළපෙන ක්‍රීඩකයින් බවත් තමන් දැන් ඒ තත්ත්වයේ නොමැති බව තමන්ට හැඟෙන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබුණා. එම ලිපිය පහතින්

Gallery
ReeCha