මෙරට දී කොවිඩ් එන්නත් නිපදවීමට ඇති නීතිමය තත්ත්වය සොයාබැලේ

ali sabri channa jayasumana covid19 vaccine medicine production
By Sewvandhi Jun 01, 2021 11:08 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට තුළ එන්නත් නිපදවීම සඳහා අදාළ වන නීතිමය තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

අද (01) පෙරවරුවේ පැවති සාකච්ඡාව සඳහා ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඇතුළු පිරිසක් සහභාගීව සිටි බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

කොවිඩ් මර්දන එන්නත් සඳහා ලෝකයේ විශාල ඉල්ලුමක් පවතින බැවින් දෛනිකව ඒවායේ මිල ඉහළ යන යාම හේතුවෙන් දේශීයව එම එන්නත් නිපදවීම තුළින් මෙරටට විශාල මුදලක් ද ඉතිරි කර ගත හැකි බව මෙහිදී සාකච්ඡා වී තිබේ.

එන්නත් දේශීයව නිෂ්පාදනය කිරීම හරහා අගෝස්තු මාසය වන විට එන්නත් මිලියන 06ක් හා සැප්තැම්බර් මාසය වන විට එන්නත් මිලියන 07ක් ලෙස නිපදවීමේ ශක්‍යතාව ඇති බවද සෞඛ්‍ය අංශ එහිදි සඳහන් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේය.

කොවිඩ් මර්දන එන්නත් ශ්‍රී ලංකාවේ නිපදවීමට අවශ්‍ය කටයුතු සලසාදීම සඳහා අවශ්‍ය නීතිමය ගිවිසුම් සකස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අවදානය යොමුව ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙරට දී කොවිඩ් එන්නත් නිපදවීමට ඇති නීතිමය තත්ත්වය සොයාබැලේ | Covid19 Vaccine Production Sri Lanka

මෙරට දී කොවිඩ් එන්නත් නිපදවීමට ඇති නීතිමය තත්ත්වය සොයාබැලේ | Covid19 Vaccine Production Sri Lanka

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now