කොව්ඩ් එන්නත තාමත් ලබාගෙන නොමැති නම් කඩිනමින් දැනුම් දෙන්න

covid19 education vaccination G.L.Piris teachers and principle
By Sewvandhi Jul 22, 2021 09:31 AM GMT
Report

පාසල් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙත අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

යම් පළාතක විදුහල්පතිවරයෙකු, ගුරුවරයෙකු හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අයෙකු කොවිඩ් -19 එන්නත ලබාගෙන නොමැති නම් එය කඩිනමින් ‍දැනුම්දෙන අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

එවන් අයෙක් සිටී නම් තමා සේවය කරන පාසල පිහිටි කලාප කාර්යාලය දැනුවත් කර එන්නත ලබා ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය දන්වා සිටී.

විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා කොවිඩ් -19 එන්නත්කරණය මේ වනවිට පළාත් මට්ටමෙන් සිදුවෙමින් පවතින බව ද අමාත්‍යාංශය දැනුම්දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now