"පාගමන" නවතම එන්නත්කරණ මධ්‍යස්ථාන අද(05) එන්නත්කරණය අරඹයි
ජනාධිපතිවරයාගේ නියෝගය මත යුද හමුදා නිවාරණ වෛද්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ වෛද්‍ය කණ්ඩායම්, නොෆ්කෝ(NOCPCO) ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි ප්‍රජා එන්නත් කිරීමේ මධ්‍යස්ථාන හරහා නව “පාගමන” මද්‍යස්ථාන ස්ථාපිත කරනු ඇත. සීනෝෆාර්ම් එන්නත පළමු මාත්‍රාව ජූලි 5 වන සඳුදා සිට සිවිල් වැසියන්ට ලබා දීම ආරම්භ කිරීම හා දැනට ක්‍රියාත්මක වන ජාතික එන්නත් කිරීමේ ව්‍යාපෘතියට තවත් රුකුලක් ලෙස මෙය ක්‍රියාත්මක වනු ඇත.
යුද හමුදා රෝහල ඇතුලු මධ්‍යස්ථානවලදී බස්නාහිර පළාතේ අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට එන්නත් ලබාදීම හෙට ආරම්භ කෙරෙනවා. එමෙන්ම අනෙක් සියලු පළාත්වල අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ද එන්නත් ලබාදීම හෙට ආරම්භ කිරීමට නියමිතයි.
බස්නාහිර පළාතේ අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට එන්නත් ලබාදීම නාරාහේන්පිට යුද හමුදා රෝහල, දියත උයන, පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාමය සහ වේරහැර හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේදී ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා එන්නත් ලබාදීම සිදු කෙරෙනු ඇති.
එන්නත් ලබාගැනීම සඳහා ජාතික හැඳුනුම්පත රැගෙන පැමිණිය යුතු වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
