රෝහල් මගින් කොවිඩ් එන්නත් ලබාදීමට යෝජනාවක්
covid19
vaccination
gotabhaya rajapaksha
shinopharm
sputnika
By Sewvandhi
හඳුනාගත් රෝහල් මගින් කොවිඩ් එන්නත් ලබාදීම සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට යෝජනා කර තිබෙනවා. මේ ක්‍රියාමාර්ගයෙන් අපේක්ෂා කෙරෙන්නේ දවසේ වැඩි කාලයක් මේ රෝහල්වලින් එන්නත් ලබා ගැනීමට ජනතාවට ඉඩ සැලසීමයි.
ඊයේ (25) ජනාධිපති කාර්යාලයේ පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් වී තිබෙනවා.
ජුලි මස මුල සිට සැප්තැම්බර් දක්වා සයිනෝෆාම්,සයිනෝවෙක්, sputnik ඇතුළු එන්නත් මිලියන 17 කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.
එම එන්නත් රටපුරා වැඩි පිරිසකට කෙටි කාලයක් තුළ ලබාදීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දී ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |