ඊයේ දිනයේ 40,000 ට ආසන්න පිරිසකට කොවිඩ් එන්නත

covid19 vaccination sputnica astrazenica
By Sewvandhi Jun 05, 2021 01:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරන වැඩසටහන යටතේ ඊයේ (04) දිනයේදී සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 38,943කට සහ කොවිෂිල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 501 දෙනෙකුට ලබා දී තිබෙනවා.

ඒ අනුව ඊයේ (04) දිනයේදී එන්නත්කරණයට ලක් කළ මෙරට පුද්ගලියන් සංඛ්‍යාව 39,444ක්.

මේ අතර මෙරට එන්නත්කරන වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් නිවේදනයක් ප්‍රධාන වසංගත විද්‍යාඥවරයාගේ අත්සනින් යුතුව නිකුත්කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery