කොවිඩ් එන්නතක් ලබා ගන්නද ඉන්නේ? ඊට කලින් මේ ගැන දැනගන්න

covid19 vaccination quarantine astrozenica sputnica v
By Sewvandhi Jun 04, 2021 09:21 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කාටද මේ එන්නත?

 කොවිඩ් එන්නතක් ලබා ගන්නද ඉන්නේ? ඊට කලින් මේ ගැන දැනගන්න | Covid19 Vaccination

කොවිඩ් වසංගතය පැතිරීමත් එක්ක විවිධ එන්නත් ලංකාවේ ලබාදෙන්න ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. ඒ වගේම මේ එන්නත් ලබා ගන්න වයස් සීමාවන් වෙන් කරලා තියෙනවා.මේ වෙනකොට එන්නත ලබාදෙන්නේ සෞඛ්‍ය සේවකයින් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්ටත් වයස 60ට සහ වයස 30ට වැඩි පුද්ගලයින්ටත් පමණයි. ඒ වගේම අවධානමක් තියෙන නිසා ගැබිනි මව්වරුන්ටත් එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරලා තියෙනවා.

ලංකාවේ ලබා දෙන එන්නත් වර්ග මොනවද?

 කොවිඩ් එන්නතක් ලබා ගන්නද ඉන්නේ? ඊට කලින් මේ ගැන දැනගන්න | Covid19 Vaccination

මේ වෙනකොට ලංකාවේ ලබා දෙන ලබාදෙන එන්නත් වර්ග ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා.

* ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා

* රුසියාවේ නිර්මාණ වුණ ස්පුට්නික් V

* චීනයේ නිෂ්පාදනය වුණ සයිනොෆාර්ම්

මේ එන්නත් වර්ග වලින් කුමන එන්නත ලබා ගත්තත් දෙවැනි මාත්‍රාවක් ලබා ගැනීම අනිවාර්ය කරලා තියෙන්නේ.

අතුරු ආබාධ කතාව ඇත්තක්ද?

 කොවිඩ් එන්නතක් ලබා ගන්නද ඉන්නේ? ඊට කලින් මේ ගැන දැනගන්න | Covid19 Vaccination

එන්නත භාවිතා කලාට පස්සේ ඇති වුණ අතුරු ආබාධ ගැන විවිධ රටවල් වලින් විවිධ විවිධ දේවල් අහන්න ලැබුණා. ඒ කොහොම වුණත් මේ එන්න ශරීරයත් ශරීරයට ඇතුළු කළාට පස්සේ දකින්නට ලැබෙන පොදු ආබාධ කීපයක් පමණයි දැනට වැඩි වශයෙන් වාර්තා වෙලා තියෙන්නේ.

උණ, හිසරදය, අසනීප ගතිය, වෙහෙසකාරී බව වගේම උගුර රිදීමක් ඇති වූ බොහෝ ආසාදිතයින් වාර්තා වුණත් රුධිරය කැටි ගැසීම වැනි තත්ත්වයක් වාර්තා වුණේ ඉතාමත් සුළු පිරිසකගෙන් පමණයි. මේ නිසා ම අවුරුදු 40ට අඩු පුද්ගලයන්ට ඇස්ට්‍රාසෙනෙකා වෙනුවට වෙනත් එන්නතක් ලබා දීමට කටයුතු කළ බවයි එක්සත් රාජධානිය ඇතුලූ සමහර රටවල් වලින් වාර්තා වුණේ.

නමුත් මේ හැම එන්නතකින් ම හොඳ ප්‍රතිඵල ලබා ගන්න වෛද්‍යවරුන් සමත් වෙලා තියෙනවා.

අනිවාර්යද?

 කොවිඩ් එන්නතක් ලබා ගන්නද ඉන්නේ? ඊට කලින් මේ ගැන දැනගන්න | Covid19 Vaccination

කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ එන්නත අනිවාර්යෙන්ම ලබා ගත යුතුම දෙයක් කියලා. නමුත් එහෙම අනිවාර්ය කිරීමක් තවම සිදු කරලා නැහැ. ඒ වුණත් මේ එන්නත ලබා ගැනීමෙන් වෛරසය ව්‍යාප්ත වීම අවම වෙනවා වගේම නව ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා වීමට හැකියාව තිබෙනවා. ඒ නිසා මේ එන්නත ගත්තට වරදක් නැහැ . මොකද තමන්ගේ වගේම තමන්ගේ පවුලේ අයත්. මිතුරන් සහ සමාජයත් ආරක්ෂා කර ගැනීමට මේ එන්නත් ලබා ගැනීම ඉතාම වැදගත්.

එන්නත් ගැන තවත් කතා

 කොවිඩ් එන්නතක් ලබා ගන්නද ඉන්නේ? ඊට කලින් මේ ගැන දැනගන්න | Covid19 Vaccination

ශ්‍රී ලංකාවේ මේ වෙනකොට කොරෝනා ආසාදිත මව්වරුන් කීපදෙනෙකුම මරණයට පත්වෙලා තිබෙනවා. ඒ නිසා ගැබිණි කාන්තාවන්ටත් මේ එන්නත ලබා ගන්න පුළුවන්ද කියන එක ගැන විශේෂඥවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. සාකච්ඡාවෙන් පස්සේ මාතෘ හා ළමා සෞඛ්‍යය ඒකකයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍යවරුන් ගර්භනී කාන්තාවන්ටත් එන්නත් ලබා දීම අනුමත කළා.

ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර සූදානම් කරලා, ස්ථානයක් දිනයක් වේලාවක් සකසාගෙන ඔවුන් එම ස්ථානවලට කැඳවලා තමයි මේ එන්නත ලබා දෙන්න මේ වෙද්දි කටයුතු සූදානම් කරලා තිබෙන්නේ.

ඒ වගේම ඔබ කුමක් හෝ අසාත්මික තාවයකින් පෙළෙන කෙනෙක් නම් මේ එන්නත ලබා ගන්න කලින් අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙකු හමුවෙලා සාකච්ඡා කරන්න ඕනේ. වෛද්‍යවරයාගේ අවසරයකින් පසුව පමණයි ඔබට මෙම එන්නත ලබාගත හැකි වන්නේ.

එන්නත ගැන කට කතා

 කොවිඩ් එන්නතක් ලබා ගන්නද ඉන්නේ? ඊට කලින් මේ ගැන දැනගන්න | Covid19 Vaccination

එන්නත් ලබාදීම ආරම්භ කළාට පස්සේ බොහෝ දෙනා අතර විවිධ මත මතවාද සහ මිත්‍යාවථ්‍යාවන් පැතිරුනා. එයින් එකක් තමයි මේ එන්නත් ලබා ගත්තට පස්සේ මද සරුබාවයට ලක් වෙනවා කියන එක. නමුත් තවමත් එවැනි කිසිදු තොරතුරක් හෝ සාක්ෂියක් හමුවෙලා නැහැ . ඒ වගේම එවැනි මද සරුභාවයක් සිදුවිය නොහැකි බවයි මේ සම්බන්ධව තොරතුරු සැපයූ වෛද්‍යවරුන් සඳහන් කරන්නේ.

එන්නත මගින් සරුභාවයට ගැටලුවක් ඇති නොවුනත් වෛරසය ආසාදනය වීමෙන් සරුභාවයට ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකි බව නම් සොයාගෙන තිබෙනවා. ඒ විතරක් නෙමෙයි කොවිඩ් එන්නත් ලබා ගත්තට පස්සේ ඔසප් චක්‍රය අක්‍රමවත් වූ බව පැවසුවත් තවමත් එයට කිසිම හේතුවක් සොයාගෙන නැහැ.

විශේෂයෙන්ම මේ එන්නත ලබා ගත්තට පස්සේ කොවිඩ් ආසාදිතයෙකු ට ලැබෙන රෝග ලක්ෂණ බොහෝ ප්‍රමාණයක් අඩු වෙනවා. එය කොතරම් කාලයකට වලංගු වෙනවා ද යන්න නම් තවමත් ප්‍රකාශයට පත් කරලා නැහැ. එන්නත ලබා ගත්තට පස්සේ ලැබෙන අතුරු ප්‍රතිඵල ටික කාලයක් යනතුරු ඔබේ ශරීර තියෙන්න පුළුවන්. ඒ නිසා මේ අතුරු ආබාධ පහ වෙලා යනතුරු මත්පැන් පානය නොකර ඉන්නව නම් හොඳයි.

එන්නත ලබා දීමට තරුණ පිරිස එක වෙන්නේ කවදාද?

කොවිඩ් එන්නතක් ලබා ගන්නද ඉන්නේ? ඊට කලින් මේ ගැන දැනගන්න | Covid19 Vaccination

මේ වෙනකොට බොහෝ රටවල් වල තරුණ පිරිසට එන්නත ලබාදීම ආරම්භ කරලා තිබෙනවා. අපේ අසල්වැසි ඉන්දියාවත් අවුරුදු 18 ට වැඩි තරුණ තරුණියන්ට එන්නත් ලබාදීම ආරම්භ කළා. ශ්‍රී ලංකාවේ නම් තවමත් එම කාර්ය ආරම්භ කර නැහැ. නමුත් ඉදිරි කාලයේදී අවුරුදු 20ට වැඩි පුද්ගලයින්ට එන්නත් ලබාදීමට ක්‍රියාකරන බව රජය නිවේදනයක් නිකුත් කරමින් දන්වලා තිබෙනවා.

ඒ කොහොම වුණත් කුඩා දරුවන්ට එන්නත් ලබාදීම තවමත් කිසිම තැනකින් අනුමත කරලා නැහැ. ඒ වගේම කොරෝනා ආසාදනය දරුවන්ට බලපා නැති බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. නමුත් දරුවන්ට දිය හැකි එන්නත් සම්බන්ධව එන්නත් නිෂ්පාදන සමාගම් විසින් විවිධ මට්ටමේ පරීක්ෂණ පවත්වාගෙන යනවා.

ඔබත් කොරෝනා ආසාදිතයෙක් වීමට ප්‍රථම මේ එන්නත ලබා ගන්න තීරණය කරලා තිබෙනවා නම් මේ කරුණු ඔබට බොහොම වැදගත් වේවි. ඔබේත් ඔබේ පවුලේ සැමගේ ආරක්ෂාව වෙනුවෙන් මේ එන්නත ලබා ලබා ගන්න ඔබට පුළුවන්. ඒ සඳහා ඔබේ නිවසට ආසන්නයේ ම තිබෙන රෝහලට ඇමතුමක් ලබා දීලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now