මෙරට හා තරඟ වැදුණු ක්‍රිකට් කණ්ඩායමක ක්‍රීඩකයන් පිරිසකට කොවිඩ්

covid19 isolated infected England cricketers
By Sewvandhi Jul 06, 2021 09:02 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකු සහ කළමනාකරණ නිලධාරීන් සිව් දෙනෙකුට කෝවිඩ් -19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

මේ අනුව පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක් දින තරඟ මාලාවකට එක්වූ සමස්ත එංගලන්ත කණ්ඩායම නිරෝධානය කිරීමටයි තීරණය වී ඇත්තේ.

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා තරග සංචාරයෙන්ය අනතුරුව පාකිස්තානය සමඟ එක්දින තරගාවලියකට එක්වීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ එම තරගාවලිය සැලසුම් කළ ආකාරයට ක්‍රියාත්මක කරන බවයි.

කොවිඩ් 19 ආසාදනය වූ ක්‍රීඩකයින් සහ කළමනාකරුවන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය නීති-රීති රෙගුලාසි වලට අනුකූලව නිරෝධායනය කෙරෙන බව බවයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ. කෙසේ වෙතත් මේ දිනවල එංගලන්තයේ ක්‍රියාත්මක වන ලීග් ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් ජාතික සංචිතයෙන් ඉවත්ව ලීග් තරගාවලිය සඳහා එක්ව තිබෙනවා.

කෙසේ වෙතත් පාකිස්ථානය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා බෙන් ස්ටෝක්ගේ නායකත්වයෙන් යුතුව එංගලන්ත කණ්ඩායම තරඟ වදිනු ඇති.

මේ අතර එංගලන්තයේය සමඟ එක්දින තරග තුනකින් සහ පන්දුවාර විස්ස තරග තුනකින් සමන්විත අතිශය අසාර්ථක තරග සංචාරයක් නිමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම් දිවයිනට පැමිණියේ අද දිනයේ දීයි.

You may like this video



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now