අවුරුදු 60ට වැඩි අයට එන්නත ලබාදීමෙන් මරණ අනුපාතය 90%කින් අඩු කළ හැකියි - GMOA සභාපති
GMOA
covid vaccsine
Anurudda padeniya
By Sithumi
මෙරට වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට කොරෝනා එන්නත ලබාදුන හොත් කොරෝනා මරණ සංඛ්‍යාව සියයට 90 කින් අඩුකර ගත හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මාධ්‍ය හමුවේ සදහන් කළේ ලබන මාසය තුළ ගුරුවරුන්ටද කොරෝනා එන්නත ලබාදුනහොත් පාසල්ද කඩිනමින් ආරම්භ කළ හැකි බවයි.
මේ අතර මෙරට සියලු පුද්ගලයන්ට කොරෝනා එන්නත ලබාදෙන තෙක් තමන් එන්නත ලබානොගන්නා බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද යළි ප්‍රකාශ කළා. කොරෝනා ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ විපක්‍ෂය නායකවරයා සහ ඔහුගේ බිරිද පූර්ණ සුවය ලබා රෝහලෙන් අද පිටව ගියා.
ඉන් අනතුරුව හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වල නිරතවීමෙන් පසුව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කළා.