කොවිඩ් එන්නත සම්බන්ධව කරන්න යන දේ..අවසන් තීරණය ජනපතිගෙන්...

Gotabaya Rajapakshe Covid vaccines
By Aruna Jul 30, 2021 01:54 AM GMT
Report

කොවිඩ් එන්නත් ලබාගැනීම අනිවාර්ය කිරීමේ නීතිරීති ගෙන ඒම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (30දා) පැවැත්වෙන කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව කොවිඩ් එන්නත්කරණ කමිටුව සභාපති ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග ඊයේ (29දා) පැවැසුවේය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

සියලු පුරවැසියන්ට කොවිඩ් එන්නත ලබාගැනීම අනිවාර්ය කිරීමට නීති පද්ධතියක් නොමැති වුවද එය කල්පනාකාරීව ගත යුතු තීරණයක් බව ඔහු පෙන්වා දුන්නේය.

ඇතැම් රටවල් විවිධ නීති රෙගුලාසි මගින් එන්නත ලබාගැනීම අනිවාර්ය කර තිබේ.

එන්නත් පිළිබඳව විවිධ දුර්මත රැසක් සමාජගත වී තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

එන්නත්කරණය කොවිඩ් පාලනය සඳහා හොඳම විසඳුම බව ලෝක සෞඛ්‍ය සංවිධානයද හඳුන්වා දී තිබේ.

කෙසේ වෙතත් එන්නත් ලබාගෙන ඇති පුද්ගලයන් පිළිබඳව ග්‍රාම නිලධාරි මාර්ගයෙන් තොරතුරු ලබාගැනීමට වැඩපිළිවෙළක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරම්භ කර තිබේ.

එම තොරතුරු ලබාගත් පසු එන්නත් ලබානොගත් පිරිස පිළිබඳව කරුණු අනාවරණය වන බවට ඔහු විශ්වාසය පළ කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now