ඇමරිකා “මොඩර්නා” එන්නත් ලක්ෂ 15 මෙරටට එයි.
Sri Lanka
American
Covid vacc
By Aruna
අමෙරිකාවේ නිෂ්පාදිත “මොඩර්නා” එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත ළගාවී තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ අමෙරිකා එක්සත් ජනපදය විසින් මෙම එන්නත් ශ්‍රී ලංකාවට පිරිනමා තිබෙනවා.
අදාළ මාත්‍රා තොගය අමෙරිකාවේ සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගෙනැවිත් එතැන් සිට කටාර් ගුවන් සේවයේ යානයක් මගින් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබුණා.
මෙම එන්නත් තොගය ගුවන් යානයෙන් ගොඩ බෑමෙන් පසු කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ශීතකරණ තුළ තැන්පත් කෙරුණා.
ඉන්පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණය වෙත මෙම එන්නත් තොගය රැගෙන යනු ලබනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |