’’ඇස්ට්‍රාසෙනිකා සහ ස්පුට්නික්’’ ගැන අලුත් පරීක්ෂණයක්

covid19 vaccination sputnica astrazenica jayawardhanapura campus
By Sithumi Jun 04, 2021 12:21 PM GMT
Sithumi

Sithumi

Report

ස්පුට්නික් සහ ඇස්ට්‍රාසෙනිකා එන්නත්වල ශක්තිය මැන බැලීමේ විශේෂ පරීක්ෂණයක් අලුතින් ඇරඹූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සති 12 ක් යනතුරු පුද්ගල ශරීරයන් තුළ ඉහළ ප්‍රතිශක්තියක් ගොඩ නැගෙන බව මුලදී කරන ලද පරීක්ෂණවලදී තහවුරු වී තිබූ බවත් එම එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සති 16 කදී ප්‍රතිශක්තිය ගොඩනැගී ඇති ප්‍රමාණය තහවුරු කරගැනීම සඳහා මෙම නව පරීක්ෂණය ආරම්භ කළ බවත් ඔහු ප්‍රකාශ කරයි.

අස්ට්‍රාසෙනිකා එන්නත ලබාගෙන සති 16ක් යනතුරු ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනැගෙන්නේ නම් දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට ඔවුනට තව කාලයක් සිටිය හැකිවනු ඇතැයිද ජීවන්දර මහතා සඳහන් කරයි.

මෙයට අමතරව ස්පුට්නික් එන්නත සම්බන්ධයෙන්ද තවත් පරීක්ෂණයක් ආරම්භ කළ බව කී ආචාර්යවරයා එම එන්නත ලබාගෙන මාසයකින්,මාස තුනකින් සහ වසරකින් ප්‍රතිශක්තිය ශරීරයන්හි ගොඩනැගෙන ප්‍රමාණය තහවුරු කරගැනීම එහි අරමුණ බව ද ප්‍රකාශ කළේය.

ස්පුට්නික් එන්නත ලබා ගත් පුද්ගලයන් 500 දෙනකුගෙන් ලබාගත් සාම්පල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය අද ආරම්භ කළේය. ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පමණක් ප්‍රමාණවත්දැයි තහවුරු කරගැනීමද මේ පරීක්ෂණයේ තවත් අරමුණක් බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසුවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now