කොවිඩ් එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ් පත සම්බන්ධයෙන් නව තීරණයක්

president covid19 vaccination quarantine vaccine card
By Sewvandhi Jul 31, 2021 04:01 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රජයේ ආයතන සහ පොදු ස්ථාන වෙත පැමිණ ජනතාව කොවිඩ් මර්ධන එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීම පිළිබඳව කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ අවධානය යොමුවී තිබෙනවා.

මේ අතර දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි කොරෝනා එන්නත් නොගත් පිරිස පිළිබඳ සංගණනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා.

ඒ, කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග ඊයේ (30) පැවති සාකච්ඡාවකදීයි. ඒ අනුව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මගින් කඩිනමින් සංගණනයක් සිදුකර දින කිහිපයක් ඇතුළත එන්නත් ලබා නොගත් පිරිස පිළිබඳ වාර්තාවක් ලබා ගන්නා ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

කොවිඩ් ආසාදිත සහ මියගිය පිරිස අතරින් සියයට 95 කට ආසන්න ප්‍රතිශතයක් එන්නත් ලබා නොගත් අය බව අනාවරණ වී තිබීම නිසා එන්නත ලබා ගැනීමට පෙළඹීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

You may like this video-:



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now