ඉන්දීය ප‍්‍රභේදය මෙරට ව්‍යාප්ත වීම ඉතා ඉහළ තත්ත්වයක..දිගටම රට වසා දමන්නම වෙයි…
Covid
Sri Lanka
By Aruna
ඉන්දියාවේ පැතිරී යමින් ඇති කොරෝනා ප්‍රභේදයේ හේතුවෙන් දැනට ක‍්‍රියාත්මක සංචරණ සීමා තව දුරටත් ක්‍රියාත්මක කළ යුතු බවට සෞඛ්‍ය අංශවල දැඩි සාකච්ඡාවක් ඇති වී තිබේ.
අප වෙත අදහස් පල කල සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහලම ප‍්‍රකාශකයෙක් කියා සිටියේ කුමන තත්වයක් යටතේ වුවද මේ මොහොතේ තව දුරටත් රට වසා දැමීම අනිවාර්යය බවය.
ඊට හේතු විය යුත්තේ මෙම වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වීමක් සහ අසාධ්‍ය වීම ඉතා ඉහළ තත්වයක පැවතීමයි.
එමෙන්ම දැනට භාවිතා වන කොරෝනා මර්දන එන්නත් වලට ප්‍රතිචාර දැක්වීම ද අනෙක් ප්‍රභේදවලට වඩා යම් මට්ටමක අඩුවක්ද පෙන්නුම් කර ඇත.
මෙම ප්‍රභේදය සඳහා එන්නත් මාත්‍රා දෙකම ලබා ගත යුතු බවද දැනට සිදුකර ඇති පරීක්ෂණ වලින් හෙළි වී තිබේ.
මෙම තත්ත්වය මත පවතින සීමා තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |