පරාග සමඟින් මිනිසුන් වෙත එන කොරෝනා

අපි හැම වෙලාවකම ගස් වැල් රැකගන්න උනන්දු වෙනවා. නමුත් කිසිම වෙලාවක ඔබ හිතලා තියෙනවද අපි මේ ආරක්ෂා කරන ගස් වැල් වලින් කොරෝනා වෛරසය ව්‍යාප්ත කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. මේක වැඩිපුරම බලපාන්නේ ජනාකීර්ණ ප්‍රදේශ වලට බවයි විද්‍යාඥයන් අනතුරු අඟවලා තියෙන්නේ. සයිප්‍රස් හි නිකෝෂියා විශ්වවිද්‍යාලයේ පරීක්ෂක පිරිසක් විසින් විලෝ ගසක් යොදාගෙන මේ පරීක්ෂණය තහවුරු කරලා තියෙනවා.
මේ ගස්වැල් හරහා හමන සුළඟින් විනාඩියකට අඩි 44ක් පමණ දුරකට කොරෝනා වෛරසයට පරාග සමග එකතුවෙලා ගමන් කරන්න හැකියාව තිබෙනවා කියලයි ඔවුන් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ විදියට බලනකොට අඩි හයක සමාජ දුරස්ථභාවය නිර්දේශ කිරීම ප්‍රමාණවත් නෑ කියලා තමයි ඔවුන් පවසන්නේ.
ඒ නිසා ඔවුන් ගස්කොලන් නොමැති ප්‍රදේශයක මෙම ජනතාව රැඳවිය යුතු බවට අවධාරණය කරලා තියෙනවා. ඔවුන් කෘතිම විලෝ ගසක් නිර්මාණය කරමින් පරාග ධාන්‍ය 10,000ක් අඩි 66 පමණ දුරින් එළිමහනේ තැන් දෙකක ක්‍රියා කරන්නේ කොහොමද කියන එක ගැන පර්යේෂණයක් සිදුකළා. ඒ අනුව පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙකුට, සිය දෙනෙකුගෙන් එක් අයෙකුට, මේ පරාග අංශුත් සමඟ කොවිඩ් වෛරසය පැතිරිලා ගිහින් තිබෙනවා.

ඒ වගේම පරීක්ෂකයින් මේ ශාක නිර්මාණය කරලා තිබෙන්නේ එක්සත් ජනපදයේ වසන්ත දිනයක උෂ්ණත්වය සුළං වේගය සහ ආර්ද්‍රතාවයට ගැලපෙන පරිදි. විනාඩියකටත් අඩු කාලයකදී පිරිසක් අතරින් මේ පරාග සහිත සුළං ගමන් කරන බවයි ඔවුන් පරීක්ෂණයෙන් තහවුරු කරගෙන තිබෙන්නේ.මේ ලෙසට සුළඟින් පරාග හරහා පැතිරෙන වෛරස් අංශු ඉන් පසුව වෙනත් ආකාරයකින් සමාජයට පැතිර යා හැකි බවයි ඔවුන් පැහැදිලි කරලා තිබෙනවා.
ඉතින් ගසක පරාසය තුළ සිටින පුද්ගලයින්ට ආසාදන අවදානම ඉතාමත් වැඩියි. කොරෝනා පැතිරීමේ අනපේක්ෂිත ක්‍රම පිළිබඳ අත්හදා බැලීමකට එකතු වෙමින් තමයි ඔවුන් මේ ශාක මගින් වෛරසය පැතිරෙන බව සොයාගෙන තිබුණේ.
පරීක්ෂණ ඉදිරියට ගෙන යමින් විවිධ පාරිසරික තත්වයන් යටතේ මේ පරාග හරහා මිනිස් ශ්වසන පද්ධතියට කොරෝනා වෛරසය පැතිරෙන ආකාරය පිළිබඳව තවත් හොඳින් අවබෝධ කරගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මිනිසා රැකගන්න සිටින ශාක විසින් ම මිනිසාට වෛරසය බෝ කරනවා යැයි දැන ගැනීම පුදුමයට කාරණයක්. කොහොම වුණත් හැකි තරම් තරම් පරාග බෝ කරන ශාක අසලින් ඈත් වී සිටීමට අපි වග බලා ගන්න ඕනේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |