මෙරටින් හමු වූ නව කොවිඩ් ආසාදිතයින්ගේ ව්‍යාප්තිය මෙන්න....
ඊයේ (ජූලි 19) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,487 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
ඉන් 23 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් වේ.
මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙනි.
එම සංඛ්‍යාව 217කි. තව ද ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 213 දෙනෙකු සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 164 දෙනෙකු හඳුනා ගෙන ඇත.
එමෙන් ම, ගම්පහ දිස්ත්‍රක්කයෙන් ද ආසදිතයින් 102 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ආසාදිතයින් 126 දෙනෙකු බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල ආසාදිතයන් වාර්තා වූ ආකාරය ප්‍රදේශ ද සමග පහත දැක්වේ. මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (ජූලි 19) කොවිඩ් මරණ 48ක් සිදු වූ බවට තහවුරු කර තිබේ.
ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,827ක් දක්වා ඉහළ ගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
