ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා තොගය දිවයිනට රැගෙන එයි

japan Sri lanka covax astraseneca
By Sithumi Jul 31, 2021 12:36 PM GMT
Sithumi

Sithumi

Report

කොවැක්ස් පහසුකම යටතේ ජපානය විසින් ලබාදෙන ඇස්ට්‍රොසෙනෙකා කොවිෂිල්ඩ් එන්නත් මාත්‍රා තොගය මීට සුළුවේලාවකට පෙර දිවයිනට රැගෙන විත් තිබේ. එන්නත් මාත්‍රා 728,460ක තොගයක් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ රැගෙන ආ බව අප වාර්තාකරු පැවසීය. 

එන්නත් තොගය භාර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ යුනිසෙෆ් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය. .

එම එන්නත් තොගය ඇස්ට්‍රොසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබාදීම සඳහා එම එන්නත් භාවිත කිරීමට නියමිත අතර ඉතිරි එන්නත් තොගය කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන සඳහා යොදාගැනීමට සැලසුම් කර තිබේ. 

 ජපානය විසින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඇස්ට්‍රොසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.45ක තොගයක් ලබාදීමට නියමිතය. ඒ අනුව ඉතිරි එන්නත් තොගය අගෝස්තු මස 07 වනදා මෙරටට රැගෙන ඒමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.