එන්නත් දෙකක් ගැහුවට ප්‍රශ්නයක් නෑ... කාටවත් කියන්න එපා කිව්වා (VIDEO)

mistake Vaccsine moderna kamdy
By Sithumi Jul 22, 2021 02:28 PM GMT
Sithumi

Sithumi

Report

පේරාදෙණිය ප්‍රදේශයේ දී මොඩර්නා එන්නත් මාත්‍රා දෙකම එකවර ලබාදීමේ සිදුවීමට මුහුණ පෑ කාන්තාව අද (22) මාධ්‍ය වෙත සිය අදහස් පළ කළාය.

පසුගිය දා පේරාදෙණිය ඔගස්ටාවත්ත ප්‍රදේශයේ 51 හැවිරිදි සිව්දරු මවක් වන ප්‍රියංකා කුමාරි ට මොඩර්නා එන්නතේ මාත්‍රා දෙකම එකම අවස්ථාවේදී ලබාදීම සිදුව තිබුණේ පසුගිය ජූලි 20 වැනිදා උඩපේරාදෙණිය යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ පැවැති එන්නත්කරණ වැඩසටහනේදීය.

ඇය සිය සැමියාද සමඟ එන්නත ලබාගැනීමට ගොස් තිබූ අතර එන්නත්කරණය සිදුකර තිබුණේ ගඟවට කෝරළය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ හෙදියක විසිනි තමන් මුහුණ පෑ සිදුවීම ඇය විස්තර කළේ මෙලෙසිනි. “මායි සැමියයි දෙන්නම තමා ගියේ. එයා බෙහෙත විදලා ගියා. එක මිස් කෙනෙක් මගේ කාඩ් එක අරන් එක පාරක් විද්දා. ඊට පස්සේ ආය කාඩ් එක දීලා තවපාරක් විද්දා. මහත්තයා ගිහින් ඉස්සරහ පුටුවේ ඉදගත්තා.

මම ගිහින් ඇහුවා ඔයාට බෙහෙත් දෙකක් විද්ද ද කියලා. එයා කිව්වා මට එකක් විද්දේ කියලා. ඊට පස්සේ මම කිව්වා මට දෙකක් විද්දනේ කියලා. PHI මහත්තයාට මම කිව්වා මට බෙහෙත් දෙකක් විද්දා කියලා. කවුද විද්දේ කියලා ඇහුවා. මම කිව්වා අතන මිස් කෙනෙක් විද්දේ කියලා. අත බලලා කිව්වා මෙයාට දෙපාරක් විද්දලානේ කියලා. ඒ මිස්ට ගිහින් ඇහුවා ඇයි ඔයා දෙපාරක් විද්දේ කියලා.

එ් මිස් අහක බලා ගත්තා. ටිකක් වෙලා ඉදගෙන ඉන්න කිව්වා. දෙකක් විද්දට අවුලක් නෑ. කාටවත් කියන්න එපා කිව්වා. මට විනාඩි 10ක් යද්දි කලන්තේ වගේ ආවා. ඒ අය එන්න එන්න කියලා ඔක්සිජන් දුන්නා. පැයක් තියාගෙන ඉදලා මෙයාව ගෙදර ගෙනියන්න කියලා සැමියට කිව්වා. “ අනතුරුව ඇය නිවසට පැමිණියද පස්වරුව වනවිට අතේ අධික වේදනාව සහ ක්ලාන්ත ගතිය හේතුවෙන් ඇය යළිත් වරක් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව තිබුණි. "මහත්තයා යන්න කලින් PHI මහත්තයාට කතා කරලා කිව්වා මෙයාට අමාරුයි කියලා. PHI කිව්වා ඕක එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි අපි දෙකක් විද්දේ නෑ. එකයි විද්දේ කියලා

ඊට පස්සේ සැමියා මාව රෝහලට අරන් යන ගමන් පොලීසියට ගිහින් කිව්වහම මාව රෝහලට දාලා එන ගමන් පැමිණිල්ලක් දාන්න කිව්වා. අධිකරණ වෛද්‍යතුමා ඇවිල්ලා අත බලලා කිව්වා එයාට දෙකක් විදලා තියෙනවා කියලා. ලියා ගන්න කිව්වා."   

මෙම සිදුවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඒ අනුව අදාළ එන්නත්කරණය භාරව කටයුතු කළ ගඟවට කෝරළය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් එම සිද්ධිය පිළිබඳ වාර්තාවක් කැඳවා ඇතැයි මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා සඳහන් කළේය.

You May like this Video ?


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now