කොවිඩ් වැළඳුණු දරුවන් 5000කින් එක් අයෙකුට, සිදුවන බවට හෙළිවූ දේ

covid Sri lanka delta
By Sithumi Jul 23, 2021 01:07 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් වෛරසය ආසාදිතව සුවය ලැබූ දරුවන්ගෙන් 5000කින් එක් අයකුට MIS-C හෙවත් බහු පද්ධති සංකූලතා රෝගය වැළඳීමේ ප්‍රවණතාවක් ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ අවධාරණය කරනවා 

 කොවිඩ් වෛරසය පැතිරයෑමේ වැඩිවීමත් සමඟම යම් ප්‍රමාණයකට මෙම රෝගයද පැතිර යෑමේ ප්‍රවණතාවක් පවතින බවයි විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා දිනපතා පළවන පුවත්පතකට පවසා තිබෙන්නේ කොවිඩ් රෝගය හේතුවෙන් මේ වනවිට ළමා රෝහලේ දරුවන් 10ක් පමණ මියගොස් ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනවා 

මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස දැක්විය හැක්කේ, උදරය ආශ්‍රිත අසාමාන්‍ය සංකුලතා මතුවීම සහ විශාල ප්‍රමාණයේ කුෂ්ට ඇති වීම බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනවා 

 ශ්වස න රෝග සහ පාචනය මේ කාලයේ බහුලව දරුවන් අතර පැතිර යන අතර මෙම රෝගී තත්ත්වයද පැතිර යෑමේ අවදානමක් පැවතිය හැකි බවයි මහාචාර්ය පූජිත වික්‍රමසිංහ පවසන්නේ එම නිසා ප්‍රමාද නොකර දරුවාව රෝහලකට ගෙන ගොස් සායනික හඳුනාගැනීම් සිදුකිරීමට ඉදිරිපත් වන ලෙසත්, මේ වෙලාවේ එය ඉතා වැදගත් ක්‍රියාවක් බවත්, විශේෂඥ වෛද්‍ය වික්‍රමසිංහ අවධාරණය කරනවා 

 ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා