අදත් ආසාදිතයන් 2000 ඉක්මවයි
By Sithumi
අද (21) දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 367ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,098ක් වේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 241,787ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,898ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 207,287ක් විය.