ඉහළ යන නිවෙස් තුළ.සිදුවන කොවිඩ් මරණ
sri lanka
Corona virus
By Sithumi
කොරෝනා ආසාදිත ව නිවසේ දී මියයන සංඛ්‍යාව වේගයෙන් ඉහල යමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ මේ හේතුවෙන් ස්වසන රෝගී තත්ත්වයන් හෝ සැක සහිත රෝග ලක්ෂණ මතු වූ වහාම වේලාසන රෝහලකට ගොස් අවශ්‍ය වෛද්‍ය සහය ලබා ගැනීමෙන් නිවසේ දී සිදුවන මරණ අඩු කරගත හැකි බවයි.
ආසාදිත වී ජීවිතය රැක ගැනීම සඳහා රෝහල් ගත කළ පසුව විශාල කාර්යභාරයක් තිබෙන බවද පැවසූ ඇය එවන් කටයුතු නිසි වෙලාවේ දී සිදුකළ හොත් ජීවිතය බේරා ගැනීමට පහසුවන කියා සිටියාය.