නිවසේ මිය ගිය පුද්ගලයාට සිදු වූ දේ

Corona virus Sri lanka covid 19
By Sithumi Sep 14, 2021 02:47 PM GMT
Sithumi

Sithumi

Report

නිවසේදී මියගිය පුද්ගලයෙකුගේ දේහයක් කොවිඩ් පරීක්ෂණ සඳහා රෝහලට රැගෙන යෑමෙන් පසු මාරුවීමේ පුවතක් ඇල්පිටිය මූලික රෝහලෙන් වාර්තා වී තිබේ.

ඒ, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පුද්ගලයකුගේ දේහයක් සම්බන්ධයෙනි. නමුත් පසුව මල් ශාලාවෙන් දැනුම් දී ඇත්තේ අදාළ පුද්ගලයාගේ මෘතදේහය වෙනුවට එහි ඇත්තේ මියගිය වෙනත් අයෙකුගේ දේහයක් බවය. කෙසේවෙතත් ඇන්ටිජන් පරීක්ෂාවෙන් කොවිඩ් ආසාදිත නොවූ බව දැනගැනීමෙන් පසු දේහය නිවසට රැගෙන ඒම සඳහා කටයුතු සුදානම් කර ඇති ආකාරය ද එහිදී දක්නට ලැබුණි. 

 "නෙගටිව් කිව්වා PCR එක. වාහනයට දේහ දෙකක් දාලා තිබුණා. අපිට මුහුණ පෙන්නුවේ නෑ. පැයකට පස්සේ මල්ශාලාවෙන් කිව්වා ඔයගොල්ලොන්ගේ දේහය හම්බවුණේ නෑ. එතනට ඇවිත් කවුරුහරි හඳුනගන්න කියලා. හෙව්වා 6 වෙනකම්. තාමත් නෑ ඉතින් මොකක්ද වුණේ කියලා," යැයි මියගිය පුද්ගලයාගේ දියණිය පැවසුවාය. 

මේ අතර සියඹලාගොඩ, නාගස්වත්ත ප්‍රදේශයේ ලියුකේමියා රෝගයට ගොඳුරු වී මියගිය පුද්ගලයෙකුගේ දේහයක් පිළිබඳ අවසන් කටයුතු නිවසේදී සිදුකර තිබේ. පසුව අනාවරණ වී තිබුණේ, එම නිවසේ කාන්තාවක් කොවිඩ් ආසාදිතව සිට ඇති බවය. අප වාර්තාකරු පැවසුවේ, එම අවමංගල්‍ය කටයුතුවලට මහපොතුවිල සහ ඉහලඅයිනගම යන ගම්මානවල පදිංචිකරුවන් ද සහභාගී වී සිට ඇති බවය. පසුව සෞඛ්‍ය බලධාරීන් එම අවස්ථාවට සහභාගී වූ පවුල් 60ක් නිරෝධායනයට යොමුකර තිබේ. 

 ඉන් 9 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවද කොවිඩ් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ. ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ, උදේ වරුව ඇතුළත අවසන් කටයුතු ඉවර කරන්න කියලා තමයි උපදෙස් දුන්නේ. දහවල් 2 වෙනෙකම් තියාගෙන ඉඳලා. විශාල පිරිසක් ඇවිත්. 

ඒ අනුව මේ මරණය හා සම්බන්ධ විශාල පිරිසක් කොවිඩ් ආසාදිතයින් බවට පත් වුණා," යැයි පිටබැද්දර මහජන සෞඛ්‍ය පරීක්ෂක අමිල සාරංග මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now