බිම් මල් වගා කරන අයට නව රක්ෂණාවරණයක් - හානියක් වුණොත් ගෙවන මුදල මෙන්න
බිම් මල් වගාවන් වෙනුවෙන් නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර ඇත.
ඒ අනුව මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වගා මළු ඒකක 250කින් සමන්විත බිම් මල් ගෘහයක් මාස තුනක කාලයක් වෙනුවෙන් රක්ෂණය කිරීමට ගෙවිය යුතු වාරිකය රුපියල් 2,025ක් පමණ වන බව සඳහන්.
එසේම රෝග හෝ කෘමි උවදුරු නිසා ස්ථාපිත බිම් මල් වගාවකට හානි සිදුවුවහොත් රුපියල් 22,500ක රක්ෂණ වන්දියක් ගෙවීමට ද මෙම යෝජනා ක්‍රමය යටතේ කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත බිම් මල් වගා කරන ගොවින්ට මෙම රක්ෂණාවරණය ලබාගැනීමේ හැකියාව පවතියි.
මෙහි ප්‍රධාන අරමුණ වන්නේ වගාවට සිදුවිය හැකි අනපේක්ෂිත හානිවලින් ආරක්ෂාවක් ලබාදීමයි.
එසේම බිම් මල් වගාව ජනප්‍රිය කිරීමේ අරමුණින්, මෙම වැඩසටහන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්.