වැඩිහිටි නිවාසයක කොරෝනා ආසාදිත කාන්තාවක සිදු වු දේ

Corona virus millaniy
By Sithumi Jun 22, 2021 05:31 PM GMT
Sithumi

Sithumi

Report

මිල්ලනිය කැටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක නේවාසිකව සිටි 91 හැවිරිදි කාන්තාවක් මියයාමෙන් අනතුරුව දේහයට සිදුකළ පීසීආර් පරීක්ෂණයේ දී ඇයට කොරෝනා ආසාදිත බව අනාවරණය වී තිබේ.

ඒ අනුව නේවාසිකව සිටින වැඩිහිටියන්ට සහ එහි කාර්යමණ්ඩලයේ සාමාජිකයන් රැපිඩ් අන්ටිජන් පරීක්ෂණය සඳහා යොමුකර තිබෙන අතර එහි වාර්තාව අනුව කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට සහ වැඩිහිටියන් 4 දෙනකුට වෛරසය ආසාදිත බව තහවුරු වී ඇත.

මේ අනුව ඔවුන් පෞද්ගලික රෝහලක් වෙත යොමුකර තිබේ. එසේම ආසාදිත කාර්යමණ්ඩල සේවකයන් දෙදෙනාගේ නිවෙස් වල සාමාජිකයන් ද නිරෝධායනයට යොමු කර තිබේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now