ඊයේ දිනයේ 1800 ට අධික ආසාදිතයින් වාර්තා වුණු ප්‍රදේශ
පසුගිය සතියේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම පහත වැටී තිබුණ ද යළි කොරෝනා ආසාදිතයින් වාර්තා වීම දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මෙලෙස කොරෝනා ආසාදිතයින් වාර්තා වීම යළි ඉහළ යාම පෙන්නුම් කළේ මීට දින 06කට පෙර සිටයි.
ඒ අනුව පසුගිය 18 වනදා මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 1420ක් ලෙසටයි. ඊට පසු දින කොරෝනා ආසාදිතයින් 1487ක් වාර්තා වූ අතර ඉන් අනතුරුව ඊයේ දක්වා කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබුණා.
ඒ අනුව ඊයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1815 දෙනෙකු වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 293,113ක් ලෙස දැක්වුණා.
මේ අතර, පෙරේදා තවත් මරණ 43ක් මෙරටින් වාර්තා වීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව ද 4000 ඉක්මවා ගොස් තිබෙනවා.
එය දැක්වුණේ 4002ක් ලෙසයි. ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 23,446 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 265,708ක්.
ඊයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 347ක්.
ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
