බන්ධනාගාරයේදී සියදිවි නසා ගත් රැඳවියාට කොවිඩ්
covid19
quarantine
gelle prison
karapitiya hosptal
thelvaththa
By Sewvandhi
ගාල්ල බන්ධනාගාරයේ දී ගෙල වලලාගෙන මියගිය රැඳවියෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
අදාළ රැඳවියා ගාල්ල බන්ධනාගාරය තුළ වෙනමම සිරමැදිරියක රඳවා සිට ඇති අතර ඔහු මියගොස් තිබුණේ සිරමැදිරිය තුළදී රෙදි පටියක ආධාරයෙක් ගෙල වැලලාගෙනය.
අනතුරුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව ගාල්ල බන්ධනාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රැඳවියෙකු වන අතර ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයින් තිදෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර ඇති බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |