ඊයේ දිනයේ ආසාදිතයින් තවත් ඉහළට
නව ආසාදිතයන් 1,270 දෙනෙකු ඊයේ හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 269,946 ක් දක්වා ඉහළ ගියා.
ඊයේ වාර්තාවූ නව ආසාදිතයන්ගෙන් 1,223 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 47 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනා ගැනුනා.
ඒ අනුව තවදුරටත් රෝගීන් 27,011 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 233,584 ක්. එමෙන්ම පෙරේදා වාර්තාවූ කොරෝනා මරණ 40 ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 3,391 ක් දක්වා ඉහළ ගියා.
මේ අතර, ෆයිසර් එන්නත, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලෙස ලබාදීම අත්හිටුවීමෙන් ජනතාව තුළ එන්නත්කරණ වැඩපිළිවෙල පිළිබඳ විශ්වාසය බිඳ වැටී ඇති බවට රෝගී හිමිකම් සංවිධානය චෝදනා කරනවා.
එම සංවිධානයේ සම ලේකම් ක්‍රිස්ටීන් පෙරේරා කියා සිටියේ එන්නත් මිශ්‍ර කර ලබාගත් ජනතාව තුළ මේ වනවිට යම් සැකයක් මතුවී ඇති බවයි. කෙසේ වෙතත් පසුගිය දිනවල ෆයිසර් එන්නත දෙවන මාත්‍රාව ලෙස ලබාදීම පිළිබඳව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සහ වෛරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රජීව් ද සිල්වා අදහ් පළ කරමින් කියා සිටියේ එන්නත් මිශ්‍ර කර ලබාගැනීමෙන් වැඩි ප්‍රතිශක්තිකරණයක් ගොඩනැගෙන බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා ද ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එන්නත් මිශ්‍රකිරීම අත්හිටුවීමට ගත් තීරණය පිළිබඳව විවේචනයට ලක් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |