ඊයේ දිනයේ ආසාදිතයින් තවත් ඉහළට
නව කොරෝනා අසාදිතයින් 1,823 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ දෙලක්ෂ 62,795 ක් ලෙසයි. ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 1,737 දෙනෙකු අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආසාදිතයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.
විදේශයන්හි සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් 86 දෙනෙකුද ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා. ඊයේ දිනයේදි ආසාදිතයින් 1,701 සුවය ලැබු අතර මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ දෙලක්ෂ විසි නමදහස් පන්සීය හතලිස් එකක් ලෙසයි.
එසේම, පසුගිය 01 වැනිදා සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 37 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ පස්වරුවේ තහවුරු කළා. කාන්තාවන් 12 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 25 දෙනෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අවුරුදු 30 ත්, 59 ත් අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 08 ක්.
එසේම, අවුරුදු 60 ඉක්ම වූ පුද්ගල මරණ සංඛ්‍යාව 28 ක් ලෙසයි දැක්වෙන්නේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 3,157 ක් දක්වා ඉහළ යනවා.
මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් වසර එකහමාරක පමණ කාලයක සිට පාසැල් වසා දැමිම නිසා සිය ආදායම් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.
ඒ හේතුවෙන් ණය මුදල් හා ලීසිං වාරික ගෙවීම සදහා කිසියම් සහන කාලයක් හෝ වැඩපිළිවලක් සකස් කර දෙන ලෙසද රජයෙන් ඉල්ලා සිටින බවයි එම සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.
මේ අතර, බස්නාහිර පලාත් සුළු පරිමාන මංගල සැපයුම්කරුවන්ගේ සංගමය ද මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ කොරෝනා වසංගත හේතුවෙන් මංගල උත්සව පැවැත්වීමට නොහැකිවීම නිසා තමන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇති බවයි.
එම නිසා දැඩි සෞඛ්‍ය නීති රිති පනවමින් හෝ සීමිත සහභාගීත්වයෙන් මංගල උත්සව පැවැත්වීමට අවස්ථාවක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව එම සංගමයේ සභාපති එස්.රංගන සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |